Avatar (2009) Original British Quad Movie Poster - Original Film Art -  Vintage Movie Posters

 Avatar 

        ඇවටාර් කිව්වාම ඉතින් බලපු නැති කෙනෙක් නැති තරම්. මේක ඒ තරමට ප්‍රසිද්ද වුනු චිත්‍රපටියක්නෙ. මේක ලංකාවෙ රූපවාහිනි නාලිකාවක සිංහලෙන් හඩ කවා විකාශය වුනා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය, නිශ්පාදනය, ලිවීම, සම සංස්කරණය සිදු කරන ලද්දේ ටයිටැනික් චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරපු ජේම්ස් කැමරන් මහතාමයි.දන්නවනෙ ඉතින් කැමරන් මහතාගෙ වැඩකිඩ.

             කතාව ගැන කෙටියෙන් කිව්වොත් පැන්ඩෝරා නම් ග්‍රහලෝකයේ තිබෙන වටිනා ඛනිජ ද්‍රව්‍යයක් ගැනීමට යන මිනිසුන් කන්ඩායමක් වටා තමා මේ කතාවෙ story line එක යන්නෙ.මේ කතාව විද්‍යා ප්‍රබන්ධ හා ක්‍රියාදාම යන වර්ගවලට අයත් වෙන්නෙ. 2009 දී Release වුන මේ සුපිරි සලරුව පැය 2යි විනාඩි 42 ක කාලයක් අපිට කිසිම කම්මැලි කමක් නැතුව රසවිදින්න පුලුවන්.මේ වෙලාව පුරාවට අපිව වෙනම ලෝකෙක්ට අරන් යන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමා මේක.


Movie Cast    

Avatar 2 release date, cast, plot and more

මේකේ රගපාපු නලු නිලියොන්ගේ පැත්තට හැරුනොත් කතාවේ ප්‍රධාන චරිතය නිරූපනය  කරන්නේ  Sam Worthington {ජේක්} විසින් සහ ඊට අමතරව Zoe Saldana {නෙයිට්‍රි}, Sigourney Weaver {ග්‍රේස්}, Stephen Lang{කර්නල්},Dileep Rao {මැක්ස්} යන අයත් මේකට රංගනයෙන දායක වෙල තියෙනව. ඇවටාර් ඊළග ෆිල්ම් එකේ ජේක්, නෙයිට්‍රි, කර්නල්, මැක්ස් කට්ටිය එයාලගෙ පරන චරිතයම රගපාන අතර ග්‍රේස් වෙනම චරිතයක් රගපානවා කියලා තමයි අන්තර්ජාලයේනම් තිබුණෙ.

Making the Avatar

               ඇවටාර් ෆිල්ම් ඒකේ 40% Live action හා 60% photo realistic CGI භාවිත කරල තමයි හදලා තියෙන්නේ. මේකේ පලවෙනි Frame එකොළහ හදන්නම අවුරුද්දක් ගිහින් තියෙනෙව.හැබැයි පස්සේ පස්සේ හුරුවත් එක්ක දවසකට frame 200 විතර හදා ගන්න පුලුවන් වෙලා තියෙනව.

 මේ එක Frame එකක් render වෙන්න පැය 47 ගිහින් තියෙනව ( render වෙනවා කියන්නෙ ෆිල්ම් එක එඩිට් කරද්දී ඒකට add කරන video clips, sound clips, effect එහෙම තනි output video එකකින් එලියට ගන්නව කියන එකයි) අද කාලේ නම් ඉතින් මෙච්චර වෙලා යන්නෙ නැ මොකද ඒ කාලෙට වඩා powerfull computers තියෙන නිසා.

මේකෙ 3D animation වැඩවලට Cpu core 35000 ක සර්වර් පරිගණක 4000 ක්, 104 TB Ram එකතුවක් හා 3 PB Network area storage එකක් ඕනි වෙලා තියෙනවා ඒ නිසාම වර්ග අඩි 10,000 ක ඉඩ ප්‍රමාණයක් මේක වෙනුවෙන්ම වෙන් කරල තියෙනව.

BOX Office Record

           හරි අපි දැන් BOX ඔෆිස් පැත්තට හැරෙමු.චිත්‍රපටි ගැන සීන් එකේ ඉන්න අයනම් දන්නව මේක වාර්තා පිට වාර්තා තියපු maxxa ෆිල්ම් එකක් කියල.ලෝකේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය විදියට මේක අව්රුදු දහයක් තිස්සෙ බැබලුණා.ඒ BOX Office ආදායම USD $2,790,439,000 විදියට පස්සෙ ඒක දෙවෙනි තැනට ආවෙ Marverl ලගෙ Avengers Endgame එක Release උනාට පස්සෙ.ඒක ලබපු ආදායම සටහන් වෙන්නෙ USD $2,797,800,564 විදියට ඉතින් පේනවනෙ ඒත් ඩොලර් මිලියන 7කින් වගේ තමා ඒ වෙනස උනේ.මටනම් හිතෙන්නෙ Marverl ලගෙ Avengers ත්‍රිත්වයේ අවසන් එක විදියට ලෝ පුරා රසිකයින් මේක එනකන් පුල පුලා බලන් හිටිය නිසා Avatar රෙකෝර්ඩ් එක කැඩුන කියල.ඒත් Avatar පලමු චිත්‍රපටියෙන්ම මේ වගේ ආදයම් වාර්තාවක් තිබ්බ එකේ මේකෙ දෙවැන්න 2021 එන්න තියෙනව.මෙහි චිත්‍රපටි කිහිපයක්ම Release වෙන්න තියෙනව.මට හිතෙන විදියට Avengers ලගෙ රෙකෝර්ඩ් එක Avatar චිත්‍රපටියකින් ආයි බිද හෙලන්න තියෙන ඉඩකඩ වැඩියි.බොහෝ විට ඒ Avatar 2 වෙන්න ඉඩ තියෙනව.

Future Of Avatar

upload.wikimedia.org/wikipedia/en/thumb/8/8b/Av...
Avatar 2 movie poster

               දැන් අපි මේකෙ අනාගතේ පැත්තට එමු.ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඉතින් මේකෙ දෙවැන්න ගැන ඒක නම් කෙරෙන්නෙ Avatar 2 කියල.ප්‍රදාන නළු නිළියො ගැන කියනවනම් අපිට kate winslet වයි vin diesel වයි මේකෙදි හම්බෙනව.අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ ඒ අයගෙ රංගන හැකියාව ගැන.Vin Diesel ගෙ රෝල් එක ගැන තාම මුකුත් කියල නෑ.ඒ වගේමයි Titanic චිත්‍රපටියෙන් පස්සෙ Camaron හා kate එකතුවන ප්‍රථම අවස්තාව මේක කියල කියන්න පුලුවන්.අනිත් නලුවන් විදියට Avatar 1 එකේ හිටිය Zoe Saladana,Sam Worthington,Stephan Lang,Sigourney Weaver වැනි අයම දැක ගන්න පුලුවන්.මේකෙ Release Date එක විදියට සදහන් වෙන්නෙ 2021 December 16.Covid 19 උවදුරත් එක්ක මේක කල් යන්නත් ඉඩ තියෙනව.මේකෙ Production companies වෙන්නෙ 20th Century Studios, TSG Entertainment, Lightstorm Entertainment ආයතන කිහිපය.මේකෙ පැන්ඩෝරාව හදන්න චීනයේ  Zhangjiajie Park එක සහ Jiankunzhu කඳුවැටිය අරන් තියෙනව.මේ දෙක ගූගල් සර්ච් පාරක් දැම්මනම් ඔයගොල්ලන්ට පෙනෙයි මේ කදු දෙකේ සුන්දරත්වය.කෙලින්ම ඇවටාර් එක වෙනුවෙන්ම මැවුන කදු දෙකක් වගේ

Jiankunzhu Mountains


 Facts

1.ෆැක්ට් වල විදියට මේකෙ pandorage තිරිසනුන්ට සැබෑ ජීවිත සත්ව ශබ්ද තමයි අරන් තියෙන්නෙ.

2.නවීන ඇදුම් ටික ඔක්කොම ඇත්තටම හදපුව.

 3.නාවීන්ගේ භාශාව හදල තියෙන්නෙ චීන , පර්සියන්, සහ තවත් බාශා එකතු වෙලා

 4.ෆැක්ට් වල තියන විදියට ජලය තුල දර්ශන වැඩි ප්‍රමාණයක් Avatar 2හි දකින්නට ඇති බව කියනව.

 5.na'vi ලගෙ පෙනුම ඒ විදියට අරන් තියෙන්නෙ කැමරන්ගෙ මව හීනෙන් දැකපු දර්ශනයකින් කියල තමා කියැවෙන්නෙ.

 6.Avatar එකේ music හා background sounds වලට හරියන්නකැමරන් ලෝකෙවටා ඇති රටවල්හි සංගීත භාණ්ඩ පිලිබද අද්‍යනයක යෙදිල ගැලපෙන භාණ්ඩ අරන් තියෙනව.