Mafia 2

 

Mafia 2 Poster
                                                      

            Mafia 2 කිව්වම සමහර අය දන්නව ඇති සමහරුන් නොදන්නව ඇති.මේක play කරපු නැති අයට මේකෙ storyline එක ගැන spoil කරන් නැතුව පොඩි හැදින්වීමක් කරන්න තමා අද බැලුවෙ.


            Mafia 1 2002 දි Release වීම සමග එයට පරිඝණක ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉතා හොද ප්‍රතිචාර ලැබෙන්න ගන්නව.ඒනිසාම මෙහි දෙවැන්න 2010 වසරෙදි xbox හා playstation යන උපාංග වලට Release වෙනව.ඒත් ඔවුන් එය pc වලට Release නොකොරීමට තීරණය කරනව.එසේ කරන්නෙ pc වලට එය ලබාදීමත් සමග එය විවිධ කණ්ඩායම් මගින් crack කර නොමිලේ ලබා දීමට උත්සහ කිරීමයි.එතකොට නිශ්පාදන සමාගම් වලට හා නිශ්පාදකයින්ට පාඩු වෙනව.මේක නිශපාදනය කරන්නෙ 2k games ආයතනය.රචකය වෙන්නෙ Daniel Vávra.අද්‍යක්ෂණය කරන්නෙ Lukáš Kuře; Denby Grace.එමෙන්ම මෙහි ප්‍රධාන චරිතයට පණපොවීමට Rick Pasqualone සම්බන්ද වෙනව.

2k Games logo


              කොහොම නමුත් 2011 දි මේක microsoft windows වලට Release වෙනව.මේක තව තවත් ප්‍රසිද්ධ වෙන්නෙ එතනින්.


               මේක third person Action- adventure ගණයට තමා අයිති වෙන්නෙ.මේකෙ අපිට 1940-60 අතර කාලය තුල තිබුණු වාහන,ගීත,ඇදුම් පැලදුම්,විලාසිතා,කෑමබීම,තුවක්කු, වැනිදෑ දැක ගන්න පුලුවන්.මේක අපිට Play කරන්න පුලුවන් එක් චරිතයකගින්.ඔහු ගැන කතාව මන් පහලින් පැහැදිලි කරන්නම් ඒ ගැන.ඔහුව පාගමනින් මෙන්ම වාහන පදවා හසුරවන්න පුලුවන් විදියට තමා මේ Game එක හදල තියෙන්නෙ.GTA ගේම් වල වගේ.


              මේක ඇතුලෙදි අපිට මේ character එක හා අපිට ඕනි වාහන customize කිරීමේ හැකියාව ලබාදී තිබෙනව.ඒහින්ද මේක ගති.



 
            ඒ වගේම කියන්ඩෝන මේක 2010 ගේම් එකක් හැටියට කියන්න අමාරුයි.ගේම් එකේ Details වගේම Graphics අතිනුත් ඉතා ඉහල මට්ටමක තිබුණ මේක.2021 දි උනත් තාම මේක play කරන්න පුලුවන්.


System requierments

CPU :-Intel Pentium D

Ram :-1.5GB

VGA:-nVidia GeForce 8600 / ATI HD2600 Pro or better. 

OS  :-Windows7/Vista/Xp/8/10

A little about the storyline 

 

            හරි ඉස්සෙල්ලම කියන්නෙ මන් මේකෙ ස්ටෝරිය spoil කරන් නෑ පොඩි හැදින්වීමක් තමා දෙන්නෙ.


          වීටෝ ස්කැලෙටා කියල කියන්නෙ 1925 මැයි ඉතාලියේ සිසිලි දූපතේ ඉපදුන පුංචි කොලුගැටයෙක්.ඔහුගේ පියා ඔහු,නැගණිය හා මව සමග වඩා හොද ජීවිතයක් ගත කරන්න ඇමෙරිකාවට එනව.කවදාවත් මෙවැනි නගරයක් දැකල නැති වීටෝට මේක හීනයක් වගේ වාහන,අහස උසට  ගොඩනැගිලි හමේ ඉදන් වෙනස් මිනිස්සු වගේ දේවල් දැකපු මේ පව්ලට මේක හොද දෙයක් වගේ තමා දැනෙන්නෙ.


             කොහොම උනත් අගහිගකම් වලින් පිරිණු ජීවිතයක් තමා මේ අයට ගත කරන්න වෙන්නෙ.වීටෝගේ හොදම යාලුව වෙච්ච ජෝව හම්බෙන්නෙ මේ කාලයේදි.ඒ ඔවුන්ගෙ නිවස අසලක ජෝ පදිංචිව සිටියදියි.

Vito and Joe


            අගහිගකම් වලින් පිරුණ මේ පව්ලට හෙනහුරා පාත්වෙන්නෙ ඔය අතරදි.එතකොට වීටොගෙ වයස අවුරුදු 10ක් විතර ඇති.පියා වරායෙ කම්කරුවෙක් හැරියට රැකියාව කරද්දි හදිසි අනුතුරකින් වතුරට වැටිල මියයනව.ඒත් එහෙම නෙමේ කියල මේක Play කරද්දි දැන ගන්න පුලුවන් වෙයි.අගහිගකම් නරක මිතුරන් ආශ්‍රය   නිසා වීටො තරුණ වියේදි ඔහුගෙ හොදම යාලුව ජො සමග කඩයක් මංකොල්ල කන්න ගිහින් අත්අඩංගුවට පත් වෙනව.


                ඒ කාලෙ දෙවෙනි ලෝකෙ යුද සමයේ දරුණුම අවදිය නිසා ඇමෙරිකාවට සෙබලුන් අවශ්‍ය වෙනව.මේ විදියට තමා පොලීසියෙන් ඔහුව පුනරුත්ථාපන කරල හමුදාවට දාන්නෙ.


                අපිට Game එක ප්ලේ කරන්න හම්බෙන්නෙ මෙතනින්.මෙහෙයුමකට නැවත ඉතාලියට ගිය වීටෝගෙන් තමා Game එක පටන් ගන්නෙ.මේක ප්ලේ කරාට පස්සෙ තමා මේක military සීන් එකෙන් අයින් වෙලා open-world එකට වැටෙන්නෙ.


               වගකීමෙන් කියන්න පුලුවන් ඔය ගොල්ලො අනිවාරෙන් play කරල බලන්නෝන පට්ට ගේම් එකක් තමා මේක.story graphics gameplay මේ හැමදේම අතින් හොදම මට්ටමක තියෙනව මේක.කම්මැලි කමක් නැතුව රසවිදින්න පුලුවන් පස්සෙ පාතාලෙ සම්බන්ද වෙන පට්ට පතුරු ගේම් එකක් කියන ගමන් මෙතනින් සමුගන්නව.ආයුබෝවන්...!