SAMSUNG ඉතිහාසය

Samsung කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැනේ සමහරවිට මේ ලිපිය කියවන ඔයා ගාවත් තියෙන්නේ Samsung device එකක් වෙන්න පුලුවන්. 
Samsung සමාගම ආරම්භ කරන්නේ ලී බියුන්ග්-චුල් විසින් 1938 දී වෙළද සමාගමක් ලෙසයි. ඒ වැඩ කරන පිරිස 40 කින් විතර. පස්සේ තමයි ආහාර, රෙදිපිළි, රක්ෂණ, සිල්ලර වෙළදාම වගේ විවිද ව්‍යාපාර මෙයාලා පටන් අරන් තියෙන්නේ.

 1960 දශකයේ අග භාගයේදී තමයි මෙයාලා ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයට ඇවිල්ල තියෙන්නේ. මෙයාලගේ පලවෙනියට හදලා තියෙන්නෙ කලු සුදු රූපවාහිනි. 1970 දශකයේදී ගෘහස්ථ ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන විදේශ රටවලට අපනයන කිරීමට පටන් අරන් තියෙනව.මීට අමතරව මෙයාලා මේ කාලයෙදී නැව්,ගුවන් යානා එන්ජින්   මේ වෙනවිට samsung කොරියාවේ ප්‍රධාන නිෂ්පාදකයෙක් බවට පත් වෙලා තියෙනව. 

1983 දී තමයි samsung ලා එයාලගේ පලවෙනි computer එක නිෂ්පාදනය කරන්නේ. 1970 දශකයේ අග හා 80 දශකයේ මුල් භාගයේ සැම්සුන්ග් තාක්ෂණික ව්‍යාපාර වේගයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා.ඒ ජර්මනිය, පෘතුගාලය, නිව්යෝක් වගේ තැන්වලටයි.
1987 දී සැම්සුන්ග් හී නිර්මාතෘ ලී බියුන්ග්-චුල් අභාවප්‍රාප්ත වුනා. ඊට පස්සේ සැම්සුන්ග් සමාගමේ පාලනය ගත්තේ ලී බියුන්ග්-චුල්ගේ පුතා වුනු ලී කුන්-හී තමයි.
 
1990 ගනන්වල දී තායිවානයේ Taipei 101 හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Burj Khalifa කුලුණුත් ඉදිකීරිමේ කොන්ත්‍රාත්තුව සැම්සුන්ග් සමාගමට ලැබෙනව.1992 සැම්සුන්ග් ලොව විශාලතම  memory chips නිෂ්පාදකයා වෙනවා. ඒ වගේම දෙවෙනියට විශාලතම චිප් නිශ්පාදන කරන සමාගම උනේ ඉන්ටෙල් සමාගමයි.

2011 මුල් කාලයෙදී සැම්සුන්ලා Galaxy S2 smartphone එක රිලීස් කරනව. මේ phone එක samsung galaxy s1 එකට වඩා ගොඩක් හොද phone එකක් වෙලා තියෙනවා. 2011 මැද භාගයේදී සැම්සුන්ග්ලා එයාලගේ පළවෙනි Note phone එක රිලීස් කරනවා. ඒවගේම මේකෙන් තමා සැම්සුන්ග්ලගේ S pen එක පලවෙනියටම රිලීස් කරන්නේ.
 2012 වර්ශයේදී සැම්සුන්ග්ලා Galaxy S3 smartphone එක වගේම Note 2 phone එකත් රිලීස් කරනව.2013 වර්ශයේදි Galaxy S4 smartphone එක රිලීස් කරනවා. මේ අවුරුද්දෙම තමයි සැම්සුන්ග්ලා එයාලගේ Note 3 phone එක රිලීස් කරන්නේ. මේකට 5.7 inch ලොකු ඩිස්ප්ලේ එකක් දක්නට ලැබුනා. 2015 දී තමයි සැම්සුන්ග් Galaxy S5 smartphone එක එන්නේ. මේ 
Note 3
 smartphone ලෝකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච phone එකක්. මේ සිට අද දක්ක ලෝකේ ගොඩක් ජනප්‍රිය උනු ඉතාමත් හොද තත්වයෙ දුරකතන සැම්සුන්ග්ලා නිෂ්පාදනය කරල තියෙනව. 

සැම්සුන්ග් logo